රාජකීය වෛරය - දේශපාලන කුමන්ත්‍රණයක් ද?



මේ දිනවල, අධ්‍යාපන ඇමති ප්‍රධාන පාසැල් සමග තම වෛරය පිරිමහමින් සිටිතැයි අයෙකුට සිතුනද, ඊට වඩා යම් ගැඹුරක් එහි ඇති බව තතු දත් දෙශපාලන විශ්ලේෂකයන්ගේ මතයයි.

මෙම නාටකයේ නවතම ජවනිකාව, රාජකීය විදුහල කේන්ද්‍ර කරගෙන රඟ දැක්වීම සැලකිය යුතු කරුණකි.

එක ගලෙන් කුරුල්ලො දෙදෙනෙක් නෙලාගැනීම
දෙශපාලන විචාරකයින්ගෙ මතය වනුයේ එසේ ප්‍රමුකව රාජකීය විදුහල ඉලක්ක කර ඇත්තේ එක ගලෙන් කුරුල්ලො දෙදෙනෙක් නෙලාගැනීමට බවයි.

1. හෙන්චයියන් විදුහල්පතිවරු කිරීම
පලමුව, තම හෙන්චයියන් ප්‍රධාන පාසැල් වල විදුහල්පතිවරු කර යවා, එම පාසල් වලට පස්ස දොරෙන් ලමුන් ඇතුළු කිරීම සහ පාසැල් ටෙන්ඩර් යන දෙආකාර අල්ලසෙන් තමන්ගෙත්, තම හෙන්චයියන්ගත් මඩි තර කර ගැනීම.

2. රාජකීය මැති/ඇමතීන්ට බලය පෙන්වීම
දෙවනුව නමුත් ප්‍රමුඛ අරමුණ වනුයේ, ඔහුගේ අනාගත දේශපාලන ගමනට දැනට පාර්ලිමෙන්තුවෙ සිටින ප්‍රධාන පාසැල්හි අධ්‍යාපනය ලැබූ සජිත්, රවි, සාගල, මංගල, හරීන්, හර්ෂන වැනි නායකයන්ට තම බලය පෙන්වීමයි. ඒ කුමක් නිසාද යත් රනිල්-අකිල බැඳීම දන්නා සියලු දෙනා විශ්වාස කරනුයේ අගමැතිවරයා තම පාසැලට අරියාදු කිරීමට කාටවත් ඉඩ නොදෙනු ඇත කියායි. නමුත් අවාසනාවට, තම බිරිඳටත් වඩා විශ්වාසි අකිලට විරුද්ධව රනිල් කිසිවක් නොකියයි. එනිසා රාජකීය විදුහලට පහර ගැසීමෙන් ආදි රාජකීයන් වන සජිත්, රවී, සාගල, මංගල, හර්ෂ, එරාන් වැනි ඒ.ජා.ප යේ පතාකයින්, දේශපාලන නපුන්සකයන් බවට පහත් කල හැකි බව අකිල දනී. දැනටත් කටමැත දොඩවන එම ආදි රාජකීය මැති/ඇමතිවරුන් දේශපාලු සමනලුන් හෝ නපුන්සකයන් වී හමාරය.

Comments

  1. The Casino Rewards Program: Everything You Need to Know - KT Hub
    All you need to 군포 출장마사지 know 대구광역 출장마사지 about The Casino Rewards 서울특별 출장안마 program There are a variety of benefits that casinos can 시흥 출장마사지 use to 군산 출장안마 get new customers into the

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Parachuting Principals

අකිල විරාජ්ගෙ ජනප්‍රිය පාසැල් සමග වෛරය පිරිමැහීම කොළඔ රාජකීය විදුහලින් ආරම්භ කරයි

Lankaenews අධ්‍යාපන ඇමතිට කඩේ යයි