අකිල විරාජ්ගෙ ජනප්‍රිය පාසැල් සමග වෛරය පිරිමැහීම කොළඔ රාජකීය විදුහලින් ආරම්භ කරයි

අකිල විරාජ්ගෙ ජනප්‍රිය පාසැල් සමග වෛරය පිරිමැහීම කොළඔ රාජකීය විදුහලින් ආරම්භ කරයි

වත්මන් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් යනු රටේ අධ්‍යාපනය විනාශ කිරිමේ න්‍යාය පත්‍රය අකුරටම ඉටු කරන ඈමතිවරයායි. දශක ගනනාවක් අපගෙ අධ්‍යාපන ඇමතිවරු විශිෂ්ඨ සේවයක් රටේ අධ්‍යාපනයට කල අතර එයින් සමහරු එතරම් ඵලදායක දායකත්වයක් ලබා නොදුන්නත් රටේ අනාගත පරපුරේ ඇධ්‍යාපනය කාබාසිනියා කරන තත්වයට අහේනියක් නොකලෝය. රටේ අවාසනාවට වත්මන් ඇමතිවරයා රටේම අධ්‍යාපනය විනාශ කරමින් සිටි.

දරුවන්ට කල වෙලාවට නිල ඇදුම් හා පොත් ලබාදීමට අපොහොසත් මොහු, එක පාසැලකට දෙකකට ටැබ් පරිඝණක ලබාදී, රටේම දරුවන්ට ටැබ් දීම ගැන පුරසාරම් දොඩවයි.

එක රැයකින් දහස් ගන්නන් ගුරුවරුන් ස්ථාන මාරුවීම කර සමස්ථ අධ්‍යාපන ක්ෂේත්‍රයම විනාශ කල ඔහු රටේම විදුහල්පතිවරුන් 60කට ආසන්න ප්‍රමාණය මාරු කිරිමට ගොස් රාජ්‍ය සේවාකොමිසන් සභාව මගින් හොට බිම ඇන ගත්තේ සතියකට උඩදීය. ඒ ඔහු විසින්ම, ඔහුගේ හෙන්චයියන් රටේ ප්‍රධාන පාසැල්වලට යැවීමේ සම්මුඛ පරීක්ෂණ ක්‍රමයක් සාදා, අධ්‍යාපනය විනාශ කිරීමට ගන්නා ලද උත්සහය, රාජ්‍ය සේවා කොමිසන් සභාව විසින් ප්‍රතික්ෂේප කරීමෙනි.

රටේ ප්‍රධාන පාසැල් ඇතුලු සමස්ත පාසැල් පද්ධතියම පෝෂණය වන්නේ ආදි ශිෂ්‍ය/ශිෂ්‍යා සංගම් වෙතින් ලැබෙන ආධාර, අනුබල සහ උපකාර වලිනි. ඒ මක් නිසාද යත්, ගුරු පඩි, නිල ඇඳුම් සලාකය සහ පෙල පොත් පාසැල් හැරෙන්වන, එම පාසැල් වල දියුණුවට අමාත්‍යංශයෙන් ලැබෙන කෙන්ගෙඩියක් නොමැති බැවිනි.

අමාත්‍යවරයාගේ හා නිළධාරින්ගේ පාසැල් ප්‍රේමය වනාහී, ජනප්‍රිය පාසැල් වලට ලමුන් ඇතුල් කිරිමට  අල්ලස් ගැනීම සහ එම පාසැල්වල ටෙන්ඩර් සදහා පමනක් සීමා වී ඇත. මෙම පාදඩ ක්‍රියාවලිය ඉටුකරගැනීමට අධ්‍යාපන ඇමතිවයා පසුගිය වසර 3 1/2ක කාලය තුල ක්‍රියා කලේ, ප්‍රධාන පාසැල් හී විදුහල්පතිවරුන් ස්ථිර පත්වීම ලෙස පත් නොකර, විදුහල්පතිවරුන්ගේ රැකියා අස්ථාවරභාවය ඇතිකර, එම නාස් ලණුව ඇදීම හරහා දේශපාලන හා අල්ලස් ක්‍රීඩාව බාධාවකින්තොරව කරගෙන යෑමටය.

මෙම ජනප්‍රිය පාසැල් සමග වෛරයේ නවතම ඉලක්කය කොළඔ රාජකීය විදුහලයි. රාජකීය විදුහල ඉල්ලක්කර ගන්නෙ එක ගලෙන් කුරුල්ලො කිහිප දෙනෙක් ඉලක්ක කරගෙනය.

පළමුව ඔහුගේ අනාගත දේශපාලන ගමනට දැනට පාර්ලිමෙන්තුවෙ සිටින ප්‍රධාන පාසැල්හි අධ්‍යාපනය ලැබූ සජිත්, රවි, සාගල, මංගල, හරීන්, හර්ෂන වැනි නායකයන්ට තම බලය පෙන්වීමටයි. ඒ කුමක් නිසාද යත් රනිල් අකිල පෙම දන්නා සියලු දෙනා විශ්වාස කරනුයේ අගමැතිවරයා තම පාසැලට අරියාදු කිරීමට කාටවත් ඉඩ නොදෙනු ඇත කියායි. නමුත් අවාසනාවට, තම බිරිඳට වඩාවිශ්වාසි අකිලට විරුද්ධව රනිල් කිසිවක් නොකියයි. එනිසා රාජකීය විදුහලට පහර ගැසීමෙන් ආදි රාජකීයන් වන සජිත්, රවී, සාගල, හර්ෂ, එරාන් වැනි ඒ.ජා.ප යේ පතාකයින්, දේශපාලන නපුන්සකයන් බවට පහත් කල හැකි බව අකිල දනී. දැනටත් කටමැත දොඩවන එම රාජකීය ආදි රාජකීය මැති/ඇමතිවරුන් දේශපාලු සමනලුන් හෝ නපුන්සකයන් වී හමාරය.

දෙවනුව අකිල විරාජ් ඇමති වූ දා සිට ඔහුගේ සමීපතම හිතවතිය වූද, කලක් රාජකීය විද්‍යාලයේ මධ්‍යම අංශයේ උප විදුහල්පතිනිය වූද, සුමේධා ජයවීරගේ පුතාට රාජකීය ක්‍රිඩා වර්ණ වලට ඉහලින් සැලකුණු ‘රාජකීය කිරුල’ ලබා දෙන ලෙස විදුහල බලධාරීන්ගෙන් ඉල්ලිය. නමුත් අවශ්‍ය කිසිදු සුදුසුකමක් සපුරා නැති ඔහුට ‘රාජකීය කිරුල’ ලබාදීම එම ඇගයීම් කමිටුව විසින් ප්‍රතික්ෂේප කෙරුනි. ඉන්පසු ඔහු තම හිතවතියගේ දොළ දුක සංසිඳුවීමට වත්මන් විදුහල්පතිවරයාට බලපැම් කලේය. අකිල නොදන්නා කාරණය නම් විදුහල්පතිවරයාට අත්තනෝමතිකව  කිසිදු නොපනත් තීරණයක් ගැනීමට රාජකීයයන් ඉඩ ලබාදෙන්නෙ නැති බව.

තුන්වන කාරණය නම්, ඉතා ප්‍රභල ආදි ශිෂ්‍ය සංගමයක් ඇති රාජකීය විදුහලට, ඇමතිට අවශ්‍ය ආකරයට ලමුන් ඇතුල් කිරීම පහසු නැති නිසා, ආදි ශිෂ්‍යන් පාසැලෙන් ඈත් කර පාසැල ආදායම් මාර්ගයක් කර ගැනීමට නොහැකිව තතනන නිළධාරින්ගෙන් විදුහලේ කටයුතු වලට දිනපතා එල්ලවන නොයෙක් බලපැම්ය.

මෙම මූලික කාරණා ඉටුකරගැනීමට, ඇමති සහ ඔහුගේ ගෝල බාල නිලධාරීන්, වයස 33ක නාඹර වයසක වූ, වසර 2 1/2ක් වැනි සුළු කාලයක් පමනක් විදුහල්පති අත්දැකීම් ඇති, දේශපාලන සල්ලාලයෙක් වන මොරටුව වෙල්ස්කුමාර විදුහලෙ වත්මන් විදුහල්පතිවරයාව රාජකීය විදුහලට පත් කිරීමට උත්සහ දරයි. මෙ මගින් සිදුවන්නෙ එම නොමෙරු පුද්ගලයාගෙ අනාගතය විනාශ වීම පමනක් නොව අධ්‍යාපනයේ තෝතැන්නක් බඳු, ප්‍රමුඛතාවයෙන් දිවයිනේ දක්ෂම සිසුන් අතුලු වන, දිවයිනේ ප්‍රමුඛතම පාසලක් අගාධයට වැටීයාමයි.

මෙය ඇමතිගේ පළමු පියවර පමණි. ඔහුගේ අභිලාශය නම්, “ලඟම පාසල හොඳම පාසැල” වූ තමාගේ තේමාව ඉටු කර ගැනීම පහසු කර ගැනීම සඳහා, පහසුකම් අඩු පාසැල් ඉහලට ඔසවා දැමීම වෙනුවට ඉහළ මට්ටමක තිබෙන ජාතික තලයේ සියලු පාසල් පහලට ඇද දැමීමය. 

කෙසේ වුවද රටේ කරුමය නම්, මෙම අධ්‍යාපන ඇමතිවරයා අනාගත් පරපුර විනාශ කරන විටද, ප්‍රේමාන්විත් අගමැතිවරයා නොදැක්කා සේ සිටින අතර, රාජකීය ආදී සිසු ඇමති මැතිවරුන් ඇතුළු සියලු මැති ඇමතිවරුන් ද , අගමැතිගේ හිත රිදවීමට බියෙන් අකිලට මුකුත් නොකියා වලිගය විදෙපරැන්දෙ ගසා සිටීමය.

Comments

  1. Today at the Mustangs Trophy, we (old boys) must show our protest to the boneless Old Royalist Ministers and MP's. The "butterflies" must be defeated at the next election.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Parachuting Principals

Lankaenews අධ්‍යාපන ඇමතිට කඩේ යයි