Lankaenews අධ්‍යාපන ඇමතිට කඩේ යයි


කොළඹ රාජකීය විදුහලට සුදුසුකම් රහිත විදුහල්පති වරයෙකු ඒවා එම පාසැල තුල තිබෙන මනා අධ්‍යාපනික පසුබිම අකර්මණ්‍ය කරමින්, තම දේශපාලන අපේක්ෂාවන් මුදුන් පමුණුවා ගන්නට තැත්කරන වත්මන් අධ්‍යාපන අමාත්‍ය නම් රටේ අවාසනාවට උපන් අධ්‍යාපන ඇමතිතුමා, දෙමාපියන්ගේ, ආදි ශිෂ්‍යන්ගේ සහ පාසලට ලෙන්ගතු නොයෙකුත් කොට්ටාස වල බලවත් විරෝධය හමුවේ, තම අපේක්ෂාවන් බිද වැටීමත් සමග, තමන් සහ ඒක්සත් ජාතික පක්ෂය විසින් මෙහෙයවනු ලබන ලංකා ඊ නිව්ස් (Lankaenews) වෙබ් අඩවිය හරහා අසත්‍ය ප්‍රකාශ, සමාජ ජාලා හරහා මහජනතාව අතර පතුරුවමින්, ඔවුන්ගේ විලි වසාගැනීමට උත්සාහ කරමින් සිටියි.

මෙම ප්‍රයත්නයේ අළුත්ම ජවනිකාවසති අන්තයේ පහත ලෙස එළි දැක්වින.





එම වෙබ් අඩවි පුවතේ මූලිකම අරමුණ වී තිබුනේ, අධ්‍යාපන ඇමති තුමාගේ අත්තනෝමතික ක්‍රියාකලාපයට සුදු හුණු ගෑමත්, එය ජාතික අවශ්‍යතාවක් ලෙසහුවා දක්වමින් සාධාරනීකරණය කිරීමටත්ය.

එම අරමුණු සාක්ෂාත් කර ගැනීමට දෙමාපිය සහ ආදිශිෂ්‍යසංගම් වලට මඩ ගැසීමත්, ඇමතිතුමාගේ වචනම හුවාදක්වමින් ආදිශිෂ්‍ය සංගම් "මාෆියාවක්" ලෙස හංවඩු ගැසීමත්ය. ඇමතිගේ වචනම භාවිතයෙන් සහ ප්‍රවර්ධනයෙන් සුපැහැදිලි වනුයේ, ලංකා ඊ නිව්ස් ඇමතිගේ අතකොළුවක් බවත් ඔවුන් කරන්නේ ඇමතියාට කඩේ යාමක් බවමය.

ලංකා ඊ නිව්ස් නොකියන, නමුත් සිදු වූ සැබෑ සිදුවීම් දාමය මෙසේය ….

විදුහල්පති පුරප්පාඩු (පසුගිය 2018 වසරේ ජුනි මාසයේදී) -
රාජ්‍ය සේවා කොමිෂන් සභාව විදුහල්පති පුරප්පාඩු සඳහා අයදුම්පත් ඉදිරිපත් කැදවනු ලැබූයේ ය. ඒ සමගම, විදුහල්පතිවරුන් තෝරා පත්කර ගන්නා ක්‍රියාපටිපාටිය සහ ලකුණු දීමේ පිළිවෙල සකස් කිරීම රාජ්‍ය සේවා කොමිෂන් සභාව අධ්‍යාපන අමාත්‍යාංශයට පවරනු ලබයි.

කල දුටු කල වල ඉහ ගැනීම ... තමන්ට සරිලන නිර්නායකයක සෑදීම
අධ්‍යාපන ඇමතිගේ හෙන්චයියන් වන අධ්‍යාපන අමාත්‍යංශ ඉහල නිලධාරීන් කිහිපදෙනෙකු, කල දුටු කල වල ඉහ ගැනීමේ අරමුණින්, තම රැකියා කාලයේ සැන්දෑ සමයේදී ජනප්‍රිය පාසල් වල විදුහල්පතිවරුන් බවට පත්වී ළමුන් පිටුපස දොරින් පාසල් වලට ඇතුලත් කර තම අත මිටි සරු කර ගැනීමේ අරමුණින්, සුදුස්සන් පරයා තමන්ට එම විදුහල්පති පුරප්පාඩු වලට යාමට හැකි වන ආකාරයේ නිර්නායකයක් සෑදූවෝය.
එම නිර්ණායකයට අනුව සම්මුක පරීක්ෂණ පවත්වා, තමන්ගේ සගයින්ට ඉහලම මට්ටමේ ලකුණු ලැබෙන සේ ලකුණු ලබාදී, විදුහල්පති නාම ලේඛණයක් මෙම අධ්‍යාපන අමාත්‍යංශ ඉහල නිලධාරීහු, ඇමතිගේ අනුමැතියද ඇතුව, රාජ්‍ය සේවා කොමිෂන් සභාවට ඉදිරිපත් කළහ.

ආදි ශිෂ්‍ය සංගම් සහ පාසල් සංවර්ධන කමිටු ක්‍රියාත්මක වීම (පෙබරවාරි 2019)
මෙම දෝෂසහගත නිර්ණායක කනවැටුණු ප්‍රධාන පාසල් 12ක ආදි ශිෂ්‍ය සංගම් සහ පාසල් සංවර්ධන කමිටු එකතු වී මේ ගැන කරුණු පැහැදිළි කොට රාජ්‍ය සේවා කොමිෂන් සභාවද දැනුවත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශයට සාමුහික ලිපියක් ඉදිරිපත් කළ බවට රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ආරංචි මාර්ග වලින් දැනගත හැකිවිණ.

අධ්‍යාපන අමාත්‍යංශ කුමන්ත්‍රණයට රාජ්‍ය සේවා කොමිෂන් සභාව වැට බැඳීම (මාර්තු 1, 2019) 
මෙම ලිපියේ කරුණු පදනම් කරගෙන්, පසුගිය මාර්තු 02 වනදා රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින්, විදුහල්පති වරුන් පත්කිරීමේ ක්‍රියා පටිපාටියේ සහ නිර්ණායක වල දෝෂ සලකා අත්සිටුවන ලද බවට පුවත්පත් දැන්වීම් පළවින. ඊට අමතරව, නිකුත්කොට අදාල නිලධාරීන් හට වඩා ක්‍රමවත් සහ තර්කානුකුල ක්‍රියාපටිපාටියක් ඉදිරිපත් කිරීමට දැනුම්දී ඇති බවට එම පුවත් වලින් කියවින.

රාජ්‍ය සේවා කොමිෂන් පරයා අධ්‍යාපන ඇමති ක්‍රියාත්මක වීමට සැරසීම
තත්වය මෙසේ තිබියදී, අධ්‍යාපන ඇමති “ගේම” අතහැරියේ නැත. තාවකාලිය පත්කිරීම් මුවාවෙන්, ඔහු, ඔහුගේ ප්‍රියතමයන් ප්‍රසිද්ධ පාසැල් වල විදුහල්පතිවරුන් ලෙස පත් කිරීමට පිඹුරුපත් ඇඳීමෙහි නිරත විය.

ආදි ශිෂ්‍ය සංගම් නීතියේ සරණ පැතීම
මෙය කන වැකුණු කොළඹ රාජකීය විදුහලේ ආදි ශිෂ්‍ය සංගමය, ඇතුළුව ආදී ශිෂ්‍ය සංගම් කිහිපයක්ම ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට තීරණය කොට සම්මතයකට පැමිණ ඇති බව විශ්වසනීය ආරංචි මාර්ග මගින් අපට දැනගැනීමට ලැබී ඇත.

ලංකා ඊ නිව්ස්, ඇමතිට කඩේ යාම සහ අතේ පත්තු වන බොරු ගෙතීම.
ලංකා ඊ නිව්ස් අධ්‍යාපන ඇමතිගේ බොරු ප්‍රවෘති ප්‍රචාරණය කරන බව නොරහසකි.  කෙතරම් ඔවුන් සසල වී ඇත්දයත් මුස්ලිම් කතාවක් සහ විපක්ෂයේ සම්බන්ධයක්ද ප්‍රශ්නයට පටලවන්නට ඉතා ලාමක ප්‍රයත්නයක් දරා ඇත (පහත කියවන්න).



පාසල් පෝෂණය කිරීමට අනගි මෙහෙවරක් කරන්නාවූ රටේ ඇති සියලූම ආදි ශිෂ්‍ය සංගම් සහ දෙමව්පිය සංගම් ඔහු උරණ කරගෙන හමාරය ... එසේ කිරීමෙන් ඇමතිගේ කරගත්තේ කොට්ටෝරුවා කෙහෙල් කඳට ඇන කරගත් දෙයමය.

ලංකා ඊ නිවුස්, මෙසේ කියා තම රචනය අවසන් කරයි (පහත කියවන්න)



ලංකා ඊ නිවුස් මේ අසහාය උත්සහයක යෙදෙන්නේ එම පැටලුණු හොට ගැලවීමටය ... වෙන්නේ ඔවුන්ගේ හොටත් එතනම පැටලීමය.

Comments

  1. No Deposit Slots | Best Casinos with Free Spins in Canada 2021
    1 룰렛 이벤트 No Deposit Bonus – What is a No 일본 야구 분석 사이트 Deposit Bonus? If you're not playing with your own funds, you should 무료 룰렛 게임 consider taking a look at their online 포커 casino games. 슬롯 게임 This list

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Parachuting Principals

අකිල විරාජ්ගෙ ජනප්‍රිය පාසැල් සමග වෛරය පිරිමැහීම කොළඔ රාජකීය විදුහලින් ආරම්භ කරයි